22 November 2024


මත්පැන් බලපත්‍ර හිමිකරුවන්ට දැනුම්දීමක්



මත්පැන් බලපත්‍රයක් අලුත් කිරීමේදී අවශ්‍ය වන නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමට අදාළව කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව 2023/2024 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු ගෙවා තිබීම අනිවාර්ය විය යුතු අතර 2024/2025 වර්සවලද කාර්තු දෙකක් සඳහා ගෙවීම් සිදු කර තිබිය යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එසේම නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිම කළ යුතු වනවා.
 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදු ගෙවා නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කර අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසයි.

(colombotimes.lk)