22 November 2024


වී තොග පිළිබඳ වාර්තාව මේ සතියේ ජනපතිට



මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාරදෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කරන බවයි.

මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ නාඩු සහල් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා ඇති අතර පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් පසුගියදා සහල් මෝල් හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා වෙළෙඳපොළේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)