22 November 2024


මහජන බැංකුවේ වාසි කෝටියයි තරගයේ මැයි, ජුනි සහ ජූලි ජයග්‍රාහකයෝ මෙන්න



මහජන බැංකුවේ 'People's Remittance වාසි කෝටියයි' වැඩසටනේ මාසික දිනුම් ඇදීමට අනුව ජුනි හා ජූලි මාසවල රුපියල් 250,000 ජයග්‍රාහකයන් තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ජුනි මාසයේ ජයග්‍රාහකයා වන්නේ එරාවර් ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අරූස් මහතායි.

බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජී. දිව්‍යා මහත්මිය ජූලි මස රුපියල් 250,000 දිනාගත් ජයග්‍රාහිකාව වනවා.

මෙම රුපියල් 250,000ට අමතරව සතිපතා ලක්ෂය බැගින් ජයග්‍රහයකයන් 13 දෙනෙක්ද මහජන බැංකුව විසින් තෝරා පත්කරගෙන තිබෙනවා.

මහජන බැංකුව 'People's Remittance වාසි කෝටියයි' වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිගැන්වීමේ අරමුණෙන්.

මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාගයක්ද මාසිකව තේරී පත්වන ජයග්‍රාහකයන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක් සහ සතිපතා ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග ලබාදීම සිදු කරනු ලබනවා.



(colombotimes.lk)