22 November 2024


ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල ස්ථාපිත කිරීමට සැලසුම්



දිවයින පුරා සර්ව ආගමික සිද්ධස්ථානවල කිලෝවොට් 5ක  ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

ඒ ඩොලර් මිලියන 17ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේ බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථානයන් ආවරණය කරමින් සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

එහි පළමු අදියර යටතේ ලබන වසරේ මුල්භාගයේදී ආගමික සිද්ධස්ථාන 5,000ක සූර්යය පැනල ස්ථාපිත කිරීමට නියමිතයි.  

(colombotimes.lk)