22 November 2024


ජනාධිපති ලේකම් මාලදිවයින් මහ කොමසාරිස් හමුවෙයි



ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අතර හමුවක් අද (30) පස්වරුවේ දී පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව මෙන්ම මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් වැඩි දියුණු කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මාලදිවයින් මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මාලදිවයින් ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බවයි.

මාලදිවයින නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගීනාද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා.

(colombotimes.lk)