22 November 2024


දේශබන්දුගේ පෙත්සමේ රනිල් වගඋත්තරකරුවෙක් වෙයි



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ එම පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙක් ලෙස නම් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)