දිස්ත්‍රික්ක පහක වී සහ සහල් තොග පිළිබඳ වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශයට භාරදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එයට අම්පාර, අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ දත්ත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සෙසු දිස්ත්‍රික්කවල පවතින වී හා සහල් තොග පිළිබඳ වාර්තා ලබා ගත යුතු බවට වෙළඳ අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල වී හා සහල් තොග ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අධිකාරිය සඳහන් කළේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි.
මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
(colombotimes.lk)