22 November 2024


සහල් තොග පිළිබඳ වාර්තාව අද ජනපතිට



රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති වෙත අද (28) භාරදීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

සහල් නිෂ්පාදකයන් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව පසුගියදා ආරම්භ කළා.

(colombotimes.lk)