ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් අනවසරයෙන් මෙරට රැඳී සිටි විදේශිකයන් 06 දෙනෙක් සීදුව - අමන්දොළුව ප්රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 23, 26, 39 හා 43 වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි.
(colombotimes.lk)