22 November 2024


මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්



විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව නව යෝජනාවලියක් ලබන 08 වනදාට පෙර ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්‍රයට අනුව අනුකූලතාව පිළිබඳ ගැටලු ඇතිවීම හේතුවෙන්.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ එම යෝජනාවලිය අධ්‍යනයේදී විදුලිබල මණ්ඩලය සිදු කරන ගාස්තු යෝජනා ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින බවට නිරීක්ෂණය වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනයට යෝජිත ප්‍රතිශතය 6%ක් ලෙස දැක්වෙනවා.

(colombotimes.lk)