ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙක් ලෙස සේවය කළ සුනිල් ජයරත්නව පත් කර තිබෙනවා.
ඔහු අද (04) කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සුනිල් ජයරත්න වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.
ඔහු වසර තුනහමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද සේවය කළ බව සඳහන්.
(colombotimes.lk)