22 November 2024


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්



ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා තෝරා පත්කරගෙන තිබෙනවා.

එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ලෙස ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයකම සේවය කර තිබෙනවා.

වසර 5ක් නොනවත්වා පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)