දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අදට (31) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන්.
අඛණ්ඩව සිදු වන දුම්රිය පීලි පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ඊයේ (30) රාත්රී 10.00 තෙක් ක්රියාත්මක වුණා.
ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ අදාළ වැඩවර්ජනය සඳහා අද (31) දිනය තුළ නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට (01) දිනයේ නැවත වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.
(colombotimes.lk)