රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) මිනුවන්ගොඩ මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)