22 November 2024


තෙල්දෙණියේ වාහන සිද්ධියට සම්බන්ධ සැකකරු රිමාන්ඩ්



මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහුව ඊයේ (03) දහවල් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක් වන ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුමහතෙක්.

(colombotimes.lk)