22 November 2024


විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි



හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු 6 දෙනෙක්ට එරෙහි නඩුවක වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල්තබා තිබෙනවා.

ඒ මෙම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි වාර්තා වෙන්නේ.

ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

ඒ අනුව නඩුව ලබන මස 25 වනදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළා.

(colombotimes.lk)