22 November 2024


විදෙස් ජාතිකයන් තිදෙනෙක් කොටු වෙයි



හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයන් පිරිසක් ඊයේ (24) බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරදු 33 සහ 38 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙක් නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)