පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන අවම කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් මේ වන විටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව අද (26) බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා.
එම වැඩසටහන අද සහ හෙට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)