22 November 2024


දුම්රිය පීලි පැනීම් ගණන ඉහළට



වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුවී තිබෙනවා.

2023 වසරේද දුම්රිය පීලිපැනීම් 139ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ අඛණ්ඩව සිදුවන දුම්රිය පිලීපැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය තවදුරටත් අසමත් වුවහොත් ඊට එරෙහිව වර්ජනයක නිරත වන බවයි.

මේ පිළිබඳ සාකච්ඡාවක් අද (30)  අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් පැවැත්වීමට නියමිත බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළා.

(colombotimes.lk)