22 November 2024


අදත් වැසි ඇතිවන කාලගුණයක්



නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල අද (08) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)