22 November 2024


රේගුවෙන් ඇල්ලූ වාහන 637කට සිදු වූ දේ මෙන්න



ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙන වාහන 637ක් ධාවනයට නුසුදුසු මට්ටම දක්වා දිරාපත්වීමට ඉඩ හැර ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

එම වාහන අතරින් 435ක්‍ රේගුව පුද්ගලික සමාගමකින් කුලියට ගත් මට්ටම්කුලියේ පිහිටි ඉඩමකද සෙසු වාහන 202 රුහුණුපුර වරාය බිමේද රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

විගණන කාර්යාලය රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉකුත් වසර වෙනුවෙන් නිකුත් කළ විගණන වාර්තාව තුළ දැක්වෙන්නේ මෙරට සතු මුදල් වැය කර ගෙන්වා වසර 5කට අධික කාලයක් ගත වී ඇති වාහනද අදාළ වාහන තොගයට ඇතුළත් බවයි.

මේ අතර එම වාහන රැසක් සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පවත්වන බව රේගුවේ ගණන්දීමේ නිලධාරීවරයා විසින් විගණනයට දන්වා තිබෙනවා.

(colombotimes.lk)