මාස 9ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 67දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ අදාළ කාලය තුළ වැටලීම් 81ක් සිදුකර ඇති බවයි.
එම කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,045ක්.
ඒ අතරට අල්ලස් පැමිණිලි 259ක්, දූෂණ පැමිණිලි 466ක් සහ අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පැමිණීලි 86ක් ලැබී තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ප්‍රමාණවත් කරුණු නොතිබීම හා අල්ලස් පණතට අදාළ නොවීම හේතුවෙන් එම කාලය තුළ ලැබී ඇති පැමිණිලි අතරින් 810ක් පිළිබඳ විමර්ශනය නොකිරීමට නියෝග ලැබී ඇති බවයි.
(colombotimes.lk)