22 November 2024


රන්ජන්ගේ නාම යෝජනාවට එරෙහි පෙත්සමට ලැබුණ තීන්දුව මෙන්න



ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙක් වන කේ. එම්. මහින්ද සේනානායක විසින් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)