22 November 2024


ඩිජිටල් තිර භාවිතා කර මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම තහනම් කරයි



යම් දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම නීති විරෝධි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි.

ඒ හරහා බලහත්කාරයෙන් මිනිසුන්ට ප්‍රචාරක කටයුතු කිරීමක් සිදු වන බවත් මුදල් ගෙවා හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)