22 November 2024


ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි



අද (10) දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී, වැසි ඇතිවිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
(colombotimes.lk)