22 November 2024


මෙරට ආරක්ෂාව ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර



මෙරට සංචාරක ගමනාන්ත සියල්ලම ආරක්‍ෂිත බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ සියලුම ගමනාන්ත සංචාරකයන් සඳහා විවෘත බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
 
මෑතකදී මෙරටට පැමිණි කිසිදු විදේශීය සංචාරකයෙක්ට ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී නොමැති බවද එහි සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල ඊශ්‍රායල සංචාරකයන් විශාල පිරිසක් මෙරට තුළ නොමැති බවයි.

(colombotimes.lk)