22 November 2024


මහ මැතිවරණය පැවැත්වෙන දිනයට එරෙහි පෙත්සම සලකා බැලීම අද



පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද (04) විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

සිවිල් සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා මහ මැතිවරණ දිනයට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවට සඳහන් කරමින්.

ඊට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටීමටද නියමිතයි.

(colombotimes.lk)