colombotimes.lk
සිංහල | English

08 September 2024


වනිඳුගෙන් කඩුලු 100ක්



වනිඳු හසරංග තම T20 තරග දිවියේ 100 වන කඩුල්ල ලබා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 107ක් ලබා ගත්තා.

ඒ අනුව T20 තරගයකදී කඩුලු 100ක් ලබා ගත් දෙවන ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත්වෙනවා.

තරග 62 කදී කඩුලු 100ක් දවා ගනිමින් වේගවත්ම කඩුලු 100 ලබා ගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය ඔහුට හිමිවනවා.

එහි ප්‍රථම ස්ථානය රැඳී සිටින්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන්.
(colombotimes.lk)