colombotimes.lk
සිංහල | English

17 September 2024


ඕස්ට්‍රේලියාව සෙළවෙයි



ඕස්ට්‍රේලියාවේ මස්ලිබෲක් නගරයේ මැග්නිටියුඩ් 4.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනය පොළව අභ්‍යන්තරයේ සිට කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවටද එය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)