colombotimes.lk
සිංහල | English

17 September 2024


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට අසුබ ආරංචියක්



2024 වසරේ ඉතිරි කාලය සඳහා එංගලන්තයට ඔවුන්ගේ පළපුරුදු වේග පන්දු යවන්නාගේ සේවය අහිමි වී තිබෙනවා.

ඒ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් වැලමිටේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මාර්ක් වුඩ්ගේ දකුණු වැලමිටේ අස්ථි ආතති ආබාධයක් ඇති බව වෛද්‍ය ස්කෑන් පරීක්‍ෂණවලින් තහවුරු වුණා.

ඒ අනුව ඔහුට පාකිස්ථානයේ සහ නවසීලන්ත සංචාරයන් අහිමි වන බවයි වාර්තා වන්නේ.  

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළා.

(colombotimes.lk)