colombotimes.lk
සිංහල | English

17 September 2024


යාගි සුළි කුණාටුවට ජීවිත 2ක් බිලි වෙයි - 92කට තුවාල



මෙම වසරේ බලපා තිබෙන ප්‍රබලතම සුළි කුණාටුව වන යාගි හේතුවෙන් චීනයේ හිනාත් ප්‍රදේශයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් ඇති වූ අකුණු, වර්ෂාව සහ ප්‍රචණ්ඩ සුළං හේතුවෙන් පුද්ගලයන් 92ක් පමණ තුවාල ලබා තිබෙන බවයි.

පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වූ එය පැයට කිලෝ මීටර් 234ක වේගයකින් හඹා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් නිවාස ලක්ෂ 8කට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)