colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පළමු ඉනිම සුනු විසුණු කරයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කරගත්තා.

තරගයේ දෙවන දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 221ක් ලබාගෙන ප්‍රබල තත්ත්වයක පසු වුණා.

කෙසේ වෙතත් අද දිනයේදී එංගලන්ත කණ්ඩායමේ අනෙක් කඩුලු 7 ලකුණු 104ක් තුළ බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් නායක Ollie Pope ලකුණු 154ක් සහ Ben Duckett ලකුණු 85ක් රැස් කළා.

පන්දු යැවීමේදී මිලාන් රත්නායක කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)