colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටු දකින බවට සජිත්ගෙන් ප්‍රකාශයක්



සමගි ජන බලවේග රජයක් යටතේ මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටු දකින ස්වර්ණමය යුගයක් උදා කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (06) හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම සෑම ගනුදෙනුවක්ම නව තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් මැති ඇමතිවරුන්ගේ හිතුමතයට රජයේ ටෙන්ඩර් ලබා නොදෙන බවත් ඔහු එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 
(colombotimes.lk)