කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්



අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (04) රාත්‍රී 9.00 සිට අද (05) පස්වරු 3.00 දක්වා දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලකප්පාදුව සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)