colombotimes.lk
සිංහල | English

06 October 2024


තැපෑලත් දින දෙකක් වැඩ අත් හරියි



හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

මෙම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 4.00 සිට ආරම්භ කිරීමට තීරණයය කළ බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළා.

අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.

(colombotimes.lk)