11 July 2025

logo

ගාසා තීරයේ පුද්ගලයන් 50කට දිවි අහිමි වෙයි



ගාසා තීරයට ඊශ්‍රායලය පසුගියදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 50 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 84 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර පලස්තීනයේ - ජබාලියා ප්‍රදේශය දින 65ක් පුරාවට ඊශ්‍රායලයේ වැටලීමට ලක්වීම හේතුවෙන් එරට දහස් ගණනක් ජනතාව හට ආහාර සහ ජල සැපයුම නතර වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් ඉදිරියේදී එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් සාගින්නෙන් පෙළෙනු ඇති බවයි.

(colombotimes.lk)