2023 වසර සඳහා වූ 71වන ජාතික චිත්‍රපට සම්මාන උළෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ෂාරුක් ඛාන්ගේ වසර 35ක සිනමා ජීවිතයේදී ලද පළමු ජාතික සම්මානය මෙය වන බව ඔහු පවසනවා.
ඔහු මෙම සම්මානය 'Jawan'හී රංගනය වෙනුවෙන් හිමිකර ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී හොඳම නිළියට හිමි සම්මානය රාණි මුකර්ජි දිනාගැනීමට සමත්වුණා.
'Mrs Chatterjee vs Norway' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සම්මානය දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)