වතිකානුවේ මෙන්ම රෝමයේ කතෝලික සභාවේ උත්තරීතර ආධ්‍යාත්මික නායකයා වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවුරුදු 88ක් ජීවත්ව සිට පසුගිය අප්‍රේල් 21වනදා ස්වර්ගස්ථ වූ බව කතෝලික සභාව විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. වතිකානය නිවේදනය කළේ උන්වහන්සේගේ මරණයට හේතුව වී ඇත්තේ ආඝාත තත්ත්වය සහ හෘදයාබාධයක් බවයි.
කෙසේ වෙතත් පාප්වරයෙක් මියගිය පසුව පාප් වහන්සේගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා (එතුමන් කැමලෙන්ගෝ යන නමින්ද හඳුන්වනු ලබනවා.) විසින් චාරිත්‍රානුකූලව උන්වහන්සේ වෙත ගොස් පාප් වහන්සේගේ බෞතීස්ම නාමය තෙවරක් ඇමතීම සිදු කරනු ලබනවා.
එය අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර පාප් වහන්සේ ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වුවහොත් කැමලෙන්ගෝ ලෙසින් හඳුන්වන කාදිනල්වරයා වතිකානුවේ සහ රෝමයේ කාදිනල්වරයාට දැනුම් දීම සිදු කරන අතර අනතුරුව වතිකානුවේ සහ රෝමයේ අනෙකුත් කාදිනල්වරු එක් වී මේ පිළිබඳ මාධ්‍ය හරහා මුළු ලෝකවාසී සියලුදෙනාටම දැනුම් දීම සිදු කරනවා.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2013 වර්ෂයේදී පාප් වහන්සේ ධූරයට පත් වන අතර 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන්නේ අපෝස්තුළුවරයා වශයෙන් නම් කර ඇති ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසවීම සඳහායි.
කෙසේ වෙතත් 2015 වර්ෂයේ මුල් භාගයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පස්වන සියවසේ සිට රෝමයේ පිහිටි ශුද්ධ වූ කන්‍යා මරියතුමියට කැප කරන ලද පල්ලියක් වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ තැන්පත් කිරීමට ඇති ආශාව ප්‍රකාශ කළ අතර පාප් වහන්සේ තම විදේශ සංචාර හෝ නිල විදේශ ගමන් යාමට පෙර සහ එම විදේශ සංචාරවල නිරතවීමෙන් අනතුරුව මෙම ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට ගොස් යාච්ඥා කිරීමට මෙන්ම භාවනා කිරීමට ද පැමිණි බව වාර්තා වනවා.
පාප්තුමාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වන කැමලෙන්ගෝ ඇතුළු කතෝලික සභාව විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත්තේ එතුමන් කළ ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද 17වන සියවසේදී 09වන ක්ලෙමන්ට් පාප් වහන්සේ එහි තැන්පත් කිරීමෙන් අනතුරුව මේ වන තෙක් කිසිඳු පාප් වහන්සේ කෙනෙක් මිහිදන් කර නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වනතෙක් ශාන්ත පීතර බැසිලිකාවේ පාප් වහන්සේලා 91දෙනෙක් මිහිදන් කර තිබෙනවා.
මීට පෙර අවස්ථාවලදී පාප්වරයෙක්ගේ අවමංගල්‍යය කටයුතු ඉතා රාජකීය සහ සංකීර්ණ අන්දමින් උත්සවාකාරයෙන් සිදු කෙරුණද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියම කර ඇත්තේ තම අවමංගල්‍යය චාරිත්‍ර ඉතා සරල අයුරින් සිදු කරන ලෙසයි.
සාමාන්‍යයෙන් පාප්වරයෙක්ගේ දේහය තැන්පත් කරන විට මිනී පෙට්ටි ආවරණ 3ක් භාවිත කරනු ලබනවා. ඒ සයිප්‍රස් ලීයෙන්, ලෙඩ් ආවරණය සහ සාමාන්‍ය ලී ආවරණයක් ලෙසින්. නමුත් මෙවර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය එලෙස මිනී පෙට්ටි ආවරණ තුනක් භාවිත නොකර ඉතාමත් සරල ලී ආවරණයක් භාවිත කරන ලෙසයි උන් වහන්සේ සඳහන් කර තිබුණේ. මහජන ප්‍රදර්ශන කාලය ඉතාමත් සීමා සහිත වන බවටයි උන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.
සාමාන්‍යයෙන් පාප්වරයෙක් ස්වර්ගස්ථ වීමට පෙර උන්වහන්සේගේ අවමංගල්‍යය චාරිත්‍ර පිළිබඳ නිල හෝ නිල නොවන වශයෙන් නිකුත් කිරීම සිදු කරනවා. එමෙන්ම මෙවර පාප් වහන්සේගේ දේහය අනිවාර්යයෙන් පියන් විවෘත කර තබන අතර පියන් වැසීමේ උත්සවයක් නොපවත්වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යනු ඉතාලියේ මෑත කාලයේ මුළු ලොවක් වෙනුවෙන් බිහි වූ බලවත්ම සහ සාමයේ සංකේතයක් බඳු වූ නායකයෙක්. ඒ හේතුවෙන් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ඉතාම කම්පාවන සුළු සිදුවීමකි.
(colombotimes.lk)