තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් 02ක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (19) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අදාළ තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් 02ට එකඟ වන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු කියා සිටියේ ඉහත තීරණ සමඟ යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති තැනක ගොස් රැකියාවක් කළ හැකි බවයි.
මේ වනවිට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
(colombotimes.lk)