20 February 2026

logo

විපක්ෂයේ නායකයන් හදිසියේ රැස්වෙයි



විපක්ෂයේ පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ හදිසි රැස්වීමක් අද (20) දවල් 12.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී සිදු වන බවයි වාර්තා වන්නේ. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
 
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති කරුණු සහ ආණ්ඩුවෙන් මීට ලැබෙන ප්‍රතිචාර මෙන්ම හෙට දිනයේදී පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)