14 August 2025

logo

රජිනිකාන්ත්ගේ Coolie චිත්‍රපටයෙන් නව වාර්තාවක්



සුපිරි නළු රජිනිකාන්ත් සහ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ගේ එකතුවෙන් නිර්මාණය වූ Coolie චිත්‍රපටය මේ වන විට තිරගත වීමටත් ප්‍රථ​ම නව ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

උතුරු ඇමරිකාව තුළ ප්‍රදර්ශනයට පෙර අලෙවි වූ ප්‍රවේශපත්‍ර මඟින් ඩොලර් මිලියන 2 ඉක්මවූ ආදායමක් උපයාගත් පළමු දෙමළ චිත්‍රපටය බවට මෙය පත් වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම චිත්‍රපටය හෙට (14) සිට ලොව පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා.

මෙය ලෝකේෂ් කනගරාජ් සහ රජිනිකාන්ත් සුසංයෝගයෙන් නිර්මාණය ව​න පළමු සිනමා නිර්මාණය වන බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටයේ Aamir Khan, Nagarjuna, Soubin Shahir, Upendra, Shruti Haasan සහ Sathyaraj යන ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වනවා.

(colombotimes.lk)