19 August 2025

logo

නාමල්ගෙන් ඉල්ලීමක්



රටේ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. 

ඒ අද (19) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් පත් කිරීමට, මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ ඉදිරි පෙළ සිටින මන්ත්‍රීවරයෙක්ට එරෙහිව ඇති නඩුවක, නඩුකාර විනිසුරුවරුන්ව  මාරු කිරීමට කටයුතු කර ඇති බව රටම දන්නා කාරණයක් බවයි.
 
පොලීසිය දේශපාලනීකරණය කිරීමට කටයුතු කළ බවත්, හමුදාව දේශපාලනීකරණය කිරීමටද උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


(colombotimes.lk)