colombotimes.lk
සිංහල | English

05 October 2024


PHOTOS | 63වන සංවත්සරයට මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්



මහජන බැංකුවේ 63 වන සංවත්සරය නිමිත්තෙන් පිංකම් මාලාවක් ඊයේ (05) සහ අද (06) යන දෙදින පුරාවට සංවිධානය කර තිබුණා.

ඒ මහජන බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි.  

ඒ අනුව ඊයේ (05) දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද අද (06) මහා සංඝරත්නය හැට තුන්නමක් විෂයෙහි සපිරිකර දානමය පිංකමක් ද සංවිධානය කර තිබුණා.   

මෙම මහා පිංකම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරීත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ විශ්‍රාමික සේවක පිරිස සහභාගීව සිටියා.









(colombotimes.lk)