16 July 2025

logo

ජනපති අනුරට මෝදිගෙන් විශේෂ ආරාධනයක්



ජනාධිපති අනුර කුමාර දිසානායක හට ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එම ආරාධනය සිදුකර ඇත්තේ නිල සංචාරයක් සඳහා අද (04) මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කළ බවයි.

(colombotimes.lk)