02 July 2025

logo

ඉන්දීය විදේශ ඇමති අනිද්දා දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කරන බවයි.
 
අසල්වැසියා පළමුව යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමටද ඔහු සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අභිනව ජනාධිපතිවරයෙකු තේරී පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන ප්‍රථම රාජතාන්ත්‍රිකයාද ඔහු වනවා.

(colombotimes.lk)