colombotimes.lk
සිංහල | English

05 October 2024


කොළඹ මාර්ගයක් වසර 19කට පසු යළි විවෘත වෙයි



2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සඳහා යළි විවෘත කර තිබෙනවා.

ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මෙසේ විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම මාර්ගය වසර 19කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දමා තිබෙනවා.

කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි පොලීසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.     

(colombotimes.lk)