colombotimes.lk
සිංහල | English

23 October 2024


ජංගම පොල් අලෙවි වැඩසටහනක් අද සිට



පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස ජංගම පොල් අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර අද (23) ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ මුල්කර ගනිමින් එය ක්‍රියාත්මක වනවා.
 
මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිතයි.

පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළා.

(colombotimes.lk)