colombotimes.lk
සිංහල | English

23 October 2024


ආරුගම්බේට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්



ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

තානාපති කාර්යාලය සඳහන් කළේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.
 
(colombotimes.lk)