colombotimes.lk
සිංහල | English

23 October 2024


ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එක්සත් ජාතීන් අතදෙයි



ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී Marc-Andre Franche අගමැතිවරිය වෙත සිය සුභ පැතුම් පිරිනමා ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහාය වීමටද එකඟතාවය පළ කර තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහාය වීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche එහිදී සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)