colombotimes.lk
සිංහල | English

22 October 2024


ලෙබනනයේ මූල්‍ය ආයතනයකට ගුවන් ප්‍රහාරයක්



ලෙබනනයේ මූල්‍ය ආයතනයක ශාඛා ඉලක්ක කරමින් ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු ලෙබනනයේ, නබටිහ් සහ ටයර් නගරවල මූල්‍ය ආයතනයේ ශාඛාවලට ප්‍රහාර එල්ල කළ බවයි.

හිස්බුල්ලා සංවිධානයේ ආයුධ සඳහා අරමුදල් සපයන බවට චෝදනා කරමින් ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ හිස්බුල්ලා කඳවුරු කිහිපයකටද ප්‍රහාර එල්ල කළ බවයි.

බේරූට් අගනුවර ප්‍රදේශ 14ක් ඇතුළුව ලෙබනනයේ ප්‍රදේශ 24කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

(colombotimes.lk)